සිතන්නට යමක්


කෙතරම් ධර්ම දැනුම තිබුණද, කෙතරම් ඒ පිලිබඳ කතා බහ කළද කියව කියවා සිටියද තමා තුළින් ප්‍රායෝගිකව දැකීමට උත්සහ වත් නොවේද හෙතෙම අනුන්ගෙ ගවයන් රක්නා ගොපල්ලෙකු සේය.

බුදුගුණ වත් නොදත් ඇතම්හූ මගඵල ලැබුවේ යයි කියයි.ඇතම්හූ කොපි පේස්ට් කරමින් ධර්ම කරුණු දමමින් ධර්ම ධරයන් ලෙස හැසිරෙයි..පරාමාර්ථයෙන්ම ගෙන කතා කරයි..එනමුදු ඉන් බහුතරය බුදු ගුණ නවයවත් හරි හැටි නොදන්නේය.. ඔව්න් පිටින් ඔප දමන ලඳ ඇතුලත හිස් කලයක් බඳුය.


මේ සංසාර චක්‍රය කරකවන දෙවි කෙනෙක් හෝ බ්‍රහමයෙක් නොමැත.පටිච්චසමුප්පාද යට අනුව හුදු ධර්මයෝම පමණක් ප්‍රවර්තනය වේ.


බාල තෙමේ පුන පුනා මව් කුසට පැමිණෙයි..පුන පුනා උපදියි..මියයයි..පුන පුනා සොහොනට ගෙන යනු ලබයි..නුවණ ඇත්තා නිවණ ලැබ පුන පුනා නූපදියි.

       "පුනප්පුනං ගබ්භමුපේති මන්දො 
 පුනප්පුනං ඛීරනිකා දුහන්ති
  පුනප්පුනං වච්චෝ එන්දතී ච
පුනප්පුනං සීවථිකං හරන්ති
මග්ඤ්ච ලද්ධා අපුනබ්භවාය
         න පුනප්පුනං ජායති භූරිඤ්ඤෝති."

යම් යම් දේ ඉල්ලීමට හෝ සමාව යදින යාඥා ආදිය බුද්ධ දේශනා වේ නොමැත.යාතිකා කිරීමේන් හෝ යාඥා කිරීමෙන් ලැබ්ය හැකි විමුක්තියක් නැත..යාඥා කිරීමෙහි නිරර්ථ බව පෙන්වා දුන් භාගයවතුන් වහන්සේ ආත්ම සික්ශණය,ආත්ම දමනය, ආත්ම විශුද්ධිය සහ ආත්ම ව්මුක්තිය පිණිස භාවනාවෙ වැදගත් කම දේශනා කළ සේක..අප්‍රමාදී බවෙහි සාර බව දේශනා කළ සේක.

උතුම්ම මාර්ගය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි.උතුම්ම සත්‍ය චතුරාර්‍ය සත්‍යයයි.උසස්ම තත්වය විරාගයයි.දෙපා ඇත්තවුන් අතර තථාගතයාණන් වහන්සේ ම උතුම් වේ.

"පමත්ථස්සහි නාම චත්තාරො අපායා සකගේහ සදිසා." කුසල ධර්මයන් හී යමෙක් ප්‍රමාදී වේද කුසල් නොකරයිද ඔවුනට සතර අපාය තම ගෙදර හා සමාන වේ.

නිවන යනු ප්‍රාර්ථනාවෙන් ලබා ගත හැකි දෙයක් නොව ක්‍රියාවෙන් ලඳ හැකි දෙයකි..බොහෝ දෙනා ප්‍රාර්ථනා කර කර ඉන්නව විනා මාර්ගයක් වඩන්නෙ නම් නැත..ඇතමෙක් සෝර්ට් කට් නිවන් සොයති..සිල් නොරැක භාවනා නොකොට ඉක්මන් නිවන් සොයත්.





No comments:

Post a Comment

සිතන්නට යමක්

කෙතරම් ධර්ම දැනුම තිබුණද, කෙතරම් ඒ පිලිබඳ කතා බහ කළද කියව කියවා සිටියද තමා තුළින් ප්‍රායෝගිකව දැකීමට උත්සහ වත් නොවේද හෙතෙම අනුන්ගෙ ගවය...